Archive for the ‘Uncategorized’ Category

Sunday, September 13th, 2009

සිංහරාජය ‍ලෝක උරුමයක් නොවේ ??

අද පත්තරවලත් පහු ගිය දිනවල විද්‍යුත් තැපෑලෙනුත් සිංහරාජය ‍ලෝක උරුමයක් ලෙස නම් කිරීමට ඡන්දය දෙන මෙන් ඉල්ලීම් ගණනාවක් ලැබුණා. දැන් අපේ පරිසර ඇමැත්තා පවා එහෙම ඉල්ලීම් කරනවා..

නමුත් ලෝක උරුමයන් ගැන මෙහෙම කතාවකුත් තියෙනවා..

මේ අබය ආර්යසිංහ මහත්තයා 2006දී කියපු කතාවක්….

අපේ රටේ කිසිවක් ලෝක උරුමයක් නොවේ…

යූනෙස්කෝ ආයතනය කලින් කලට ලෝකයේ ඇති පැරණි නිර්මාණ හා ඇතැම් ස්වාභාවික වස්තූන් ලෝක උරුම ලෙස හඳුන්වා දීමට තැත් කර තිබේ. මේ කාර්යයේදී ඔවූන් “ලෝක උරුමය” යනූ හරිහැටි තේරුම් කර ගෙන නැති බව පෙනේ. කිසියම් නිර්මාණයක් ලෝක උරුමයක් ලෙස හංවඩූ ගැසූ විට එය එම රටට දුන් කීර්තියක් සේ ගණන් ගැනීමට සමහරු පූරුදු වී සිටිති. මෙය අතිමහත් රැවටීමකි. තමන් සතු දෙයකට උරුම කීමට ලෝකයාට අත වැනීමකි.

ලෝක උරුමයක් ලෙස පිළිගත හැක්කේ එම නිර්මාණය කළ ජාතිය හෝ ඉන් පැවතෙන ජනතාව එම රටෙි තවමත් ජීවත් නොවූවහොත් පමණි. ඉන්දුනීසියාවේ පිහිටා ඇති බෝරෝ බූදූර් බෞද්ධ විහාරය එහි අතීතයේ පදිංචිව සිටි බෞද්ධයන්ගේ අද්විතීය නිර්මාණයකි. එම රට ඉස්ලාම් ආගමික රටක් වූයේ ඉන් බොහෝ කලකට පසූය. නියම නිර්මාණකරුවෝ හෝ ඔවූන්ගෙන් පැවතෙන්නන් හෝ දැන් එහි නැත. සම්මතය අනූව මේ බොරෝ බූදූර් ඉන්දුනීසියාවට අයත් වූවත් සංස්කෘතිය අතින් එය සමස්ත ලෝකයාටම අයත් යැයි පිළිගැනීම වරදක් නැත. එහෙයින් එය “ලෝක උරුමයක්” සේ නම් කිරීම මැනවි.

චීන මහා ප්රාකාරය චීන ජනතාවගේ නිර්මාණයකි. එම ජාතියෙන් පැවත එන්නෝ කෝටි ගණනක් දැන් එහි වාසය කරති. එබැවින් චීන මහා ප්රාකාරය චීන ජාතික උරුමයක් විනා ලෝක උරුමයක් නොවේ.

ශිෂ්ට ලෝකයා විශ්මයට පත් කරන නිර්මාණ කීපයක් සිංහලද්වීපයේ තවමත් ඉතිරිව තිබේ. රුවන්මැලිසෑය, අභයගිිරිය, ජේතවනය වැනි ස්තූප ද සමූදුර පරයන පරාක්රම සමූද්රය වැනි වැව් ද සීගිරිය වැනි විශ්මයජනක රාජධානි ද කරවූවෝ එකල සිටි සිංහලයෝය. මෙයින් අන්තිමට සඳහන් කළ සීගිරිය තෝරාගෙන එය ලෝක උරුමයක් කියා හංවඩූත් ගස්සා ගත්තෝ අවියත් සිංහලයෝය. ඒ මදිවාට සීගිරිය අටවන පූදුමය ලෙස කියවා ගන්නට වෑයම් කළේ එබඳුම අවිචාරවත් සිංහල ඇමැතිවරයෙකි. මේ උත්සාහය එතුමාගේ මනසට පමණක් සීමා වී තිබේ.

සීගිරියට ළඟාවන පාරවල සංස්කෘතික ත්රිකෝණය හිටූවා ඇති ලෝක උරුම බෝඩ් සියල්ලම ගලවා ගිනි දෙවියාට පූද කළාට වරදක් නැත.

සිංහරාජ වනය ද ලෝක උරුමයක් ලු. එය සිංහල පොළෙවේ සාරය උරාගෙන වැඩූන ගණ මනහර වනයකි. සිංහලයා එය රෝපණය කළේ නැත. එසේ වූවත් පෙර කී සේම යූනෙස්කෝව කියන පරිදි ලෝක උරුමයන් නොවන බව දතමනාය. කොටින් කියතොත් අප රටෙි ඉතිරිව ඇති කිසිම නිර්මාණයක් ලෝක උරුම නොවේ. ඒවා හූදු සිංහල උරුම වේ.

Sunday, September 13th, 2009

ලෝක උරමයක් වු සිංහරාජය

සබරගමුව‍ට හෝ ශ්‍රී ලංකාවට හෝ පමණක් නොව සමස්ථ විශ්ව ප්‍රජාව ම ආඩම්බරයක් වන ලෝක උරුමයක් තම භුමිය තුල රැක ගැනීමට තරම් දුර්ලබ වාසනාවක් හිමිසබරගමුව සිය අනන්‍යතා සම්පතක් ලෙස සිංහරාජය සැලකීම විය යුත්තක් සිදුවිය යුතු සේම සිදුවීමකි.ඊට හේතු සාධක අපමණය.එහි යුක්ති සහගත බව පැහැදිලිය.එසේම සිංහරාජය පිළිබද ව විද්‍යත්මකව සෞන්දර්යාත්මකව,ආශ්වාද ජනකව මෙන්ම ප්‍රේමෝන්මාදයන් එමට කතා කොටඇත.ලියා ඇත .පල කොට ඇත.විද්‍යුත් වාර්ථා නිපදවා ඇත.සම්මන්ත්‍රණ වැඩමුළු චාරිකා එමට පවත්වා ඇත.එසේ උවත් සිංහරාජය වෙනුවෙන් යුක්තිය සාධාරණය ඉටු ඇද්ද?සබරගමුවේ සම්පතක් ලෙස රටට ලොවට දායාද කරන නමුදු නා රදෙකු විසින් රකිනා මැණිකක් තරමට තබා ,උණ හපුලුවෙකු විසින් රකිනා උගේ පැටියෙකු පමණට ඇගයීමක් ,සිංහරාජය වෙනුවෙන් ඉටු කොට අද්දැයි සොයා බැලීමට කාලය කාලය එලඹී ඇත.සිංහරාජය පිළිබද මෙම ඇගයීම ඒ සදහා පෙර හුරුවක් ලෙස සලකමු.සබරගමුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ බටහිර මායිමේ මහා යෝධයෙකු සේ සිංහරාජ කදු වැටිය ප්‍රතාපවත් ලෙස නැගී සිටින්නේ සත් සමුදුරෙන් එහා සිට බටහිරින් එන සියලු ගැහැට කරදර බලපෑම් විනාශයන්ගෙන් සබරගමුව රැක ගන්නා බව නිගඩව කියාපාන්නක් මෙනි.එය නිකම්ම කදු වැටියක් නොවේ කදුවනන්තර අතර වන රාජයකි.”ශ්‍රි ලංකාවේ සියලුම වනාන්තර අතර අඩුවෙන් ම මිනිස් පහස ලබා ඇති වනාන්තරය සිංහරාජයයි.ශාක හා සත්තව පරිණාමයේ මුල්අවදිවල පටන්ම නොකඩවා නොඉදුල්ව වැඩුණු මේ වනාන්තරය සිරිලක් මාතාව සිය දු පුතුන‍ට දායාදකලා වු අගනාම දායාද අතුරින් එකකි.(කල්පනා 1987ජනවාරි පි 5)ලක් මාතාව සිය දු පුතුනට අගනාම දෑ දායාද කීරීමට සබරගමුවම තෝරාගත් සැටියක් පෙනෙන්නේ සිංහරාජයට අමතරව අනෙක් පැත්තෙන් නැගෙනහිර මායිමේ සම්බුදු සිරිපා සටහන හිස මුදුනේ තබාගත් සමනළ කදු වැටියද නිසයි.ඒ කදුවැටි දෙක අතර මැද නන් ආකරයේ මැණික් වලින් පිරුණු රත්න ආකරයකි.කදු වැටිවලින් ගලා හැලෙන මනහර දිය ඇලිය.වන ගොමුව නිවහන කොට ගත් අපටම ආවේණික සතා සිව්පාවුන්ය.ගහ කොල පැළෑටිය.ඒ අතර සම්මා සම්බුදු තෙමගුළට පුජෝපහාර සදහාම දෝ මෙහි පමණක් පිපෙන වෙසක් මල්ය.සිංහරාජය යනු මේ සියල්ල අපි වෙනුවෙන් සියලුම ලෝසත වෙනුවෙන් රැක බලා ගන්නා අසම සම ගුණයෙන් හෙබි රැකවලාය,පෝෂකයාය.සිංහරාජයේවිද්‍යාත්මක ආර්ථීක පාරසරික මෙන්ම ජාතික වැදගත්කම නිසි ලෙස අවබෝධ කොට ගැනීමට නම් එහි අන්තර්ගත ගුණාත්මක අගය හෝ ඉතිහාසය හෝ සම්පත්මය අගය හෝ ආදී වශයෙන් එක් පැතිකඩක් පමණක් ගැන දැනුවත්වී පලක් නොමැති බව අවධාරණය කළ යුතුය .එය මේ සියල්ලගෙන් සමන්විත සමස්ථයකි.එය කොටස් කල කල්හි ඒ ඒ කොටස් පමණක් නොව සමස්ථයම විනාශ වී යාම නොවැලැක්විය හැකිය . එක් එක් පැතිකඩ වෙන වෙන ම ගෙන එය අවබෝධ කොට ගැනීමද කල නොහැකිය මෑත කාලයේ සිට මෙහි ඇති ආර්ථීකමය වටිනා සම්පත් රටට ලබා දිය යුතු යයි ඝෝශා කොට පාරවල් කපා යන්ත්‍ර සුත්‍ර යොදවා මුග්ධ පිරිස් විසින් සිංයරාජයට කරන ලද විනාශය ඊට කදිම නිදසුනකි.එයින්ද පාඩම් ඉගෙන නොගෙන දැන් දැන් ‍එය පිටරටුන්ට පැවරීමට දරන උත්සහයත් ඊටත් වඩා බරපතල අපරාධයකි. ඉන්පසු වත්ත බද්ද‍ට දී ඇස්සට දත නියවාගෙන බලා සීටීමට අපට සිදුවනවා නියතය එහෙයින් එවන් මෝඩ ක්‍රියාවන් දේශපාලන ක්‍රීඩා වශයෙන් හෝ ආත්මාර්ථකාමී බඩවඩා ගැනීම් වශයෙන් හෝ මතුවට සිදු නොවීමට නම් සිංහරාජය පිළිබද සියලු පැතිකඩයන් එක පමණින් පෙන්වන දැනුම් සමස්ථ ජනතාව වෙතම ලබාදිය යුතුව ඇත.සිංහරාජය නිවර්තන සදාහරිත වැසි වනන්තරයක් Tropical Evergreen Rain Forest ලෙසින් හදුනා ගැනීමෙන් අද එය ලෝක උරුමයක් ලෙස අද්විතීය වටිනාකමකින් යුක්තයයි පිළිගැනීමට භාජනය වී ඇත.”නිවර්තන කලාප”යයි අප විශේෂ කොට හදුන්වන ප්‍රදේශ අනෙක්වායින් වෙන් වන්නේ කෙසේදැයි අවබෝධ කොට ගැනීමෙන් ඒවායේ වටිනා කම ගැන මැන ගැනීමට හැකිවනු ඇත.නිවර්තන ප්‍රදේශයක් අධික වර්ෂාව අධික උෂ්ණත්වය සහ අධික සුර්යාලෝකය නිසා අනෙක් ඒවායින් සුවිශේෂ වේ .මේ සියල්ලම වැසිවනාන්කර පෝෂණයට ඉතා හිතකර සාධක වීමයි. එහි ඇති විශේෂත්වය එවන් වනාන්තරයක දක්නට ලැබෙන් ශාක ,සත්ත්ව වශයෙන් ජීවී ලෝකය අතිශයින් විශාල හෙයින් නිවර්ථන වැසි වනාන්තර ලෝකයේ වැදගත්ම සාරවත්ම පොහොසත්මපරිසර පද්ධති වශයෙන් විශේෂ ආරක්ෂාවට සැළකිල්ලට හා පර්යේෂණයට ලක් වේ.නිවර්තන වර්ෂා වනාන්තර (Tropical Rain Forest)යන නාමය හදුන්වාදීමේ ගෞරවය හිමි ඒ.ඇස්.ඩබ්ලිව්.ස්කිම්පර් නැමැති උද්භිද විද්‍යාඥයාගේ විග්‍රහයට අනුව නිවර්ථන වැසි වනාන්තර වලට අයත් වන්නේ සදාහරිත අවම උස මීටර් 30ක් ගස් ඇති ගස් මුදුන දක්වා ඇදෙන ආරෝහක මෙන්ම අපිශාක විශේෂයන් ගෙන් පොහොසත් වනාන්තරයන්ය.මෙහිදී සදාහරිත ලෙස සැලකෙන්නේ ශීත සෘතුවේදී හෝ‍ කොළ වැටීමක් නැති අවුරුද්ද පුරා කොළ පැහැයෙන් යුක්තව පවතින ගහ කොළ පද්ධතියයි.නිවර්තන වනාන්තර යනු ලෝකයේ විවිධ නම් වලින් හදුන්වන වනාන්තර අතුරින් එක් වනාන්තර වි‍ශේෂයකි.එය නිරක්ෂයට ආසන්නව ඊට දෙපස ඇති සුවිශේෂී
ලක්ෂණ සහිත වනාන්තර විශේෂයයි.සිංහරාජද එවැන්නකි . ලෝකයේ හැමටම එවන් උරුමයන්හිමිව නැති විට අපේ මේ දුර්ලබ සම්පත රැක ගැනීම අප සතු මහා වගකීමක් වනු ඇත.
01)සිංහරාජයේ ආවේණීක බාදුරා
02) සිංහරාජයට ආවේණික නවදගහ03) සිංහරාජයෙහි සත්තව විශේෂ
පක්ෂීන්

ල් වර්ග

Sunday, September 13th, 2009

හැදින්විම

සුන්දර වස්තු සැමදා සමිපතකි.ගංඟා ස්වභාව ධර්මයේ රමණිය නිර්මාණයකි.ශ්‍රිලංකාවේ වර්ගප්‍රමාණය හා සසදා බලන විට අප රට උරැම ලද ගංඟා සංඛ්‍යාව ඉතා අධිකයි.ලක් මාතාවගේ සුන්දරත්වය ඔප් නැංවිමට ගංඟා සමත් වී ඇත.සමහර ගංඟා දිගින් වැඩි අතර සමහර ගංඟා අඩුය.සිතල කදු මුදුන් තුළින් ආරමිභ වන ගංඟා සමිපයේ දිය උල්පත් සමග සමිබන්ධ වි ගල් තලා තුරැ ලතා අතුරින් මුළු පරිසරයම සුන්දර කරමින් ගලා බසි.මෙවැනි ලක්ෂණ වලින් යුත් ස්වභාව ධර්මයේ අපුර්ව නිර්මාණය වු ගංඟා පිළිබදව මෙමගින් විස්තර වේ.

ගංගාවක් නිර්මාණය වන්නේ කෙසේද?

ගංඟාවක් ආරමිභය කවදා කේසේ සිදු වුයේ දැයි ස්ථ්‍ර්‍රවම ප්‍රකාශ කළ නොහැක.මුල් කාලයේ ගංඟාවක් ලෙස හැදින්වුයේ නිශ්චිත ඉවුරැ ඇති ගලා යන විශාල ජල කඳකි.මි‍ට වසර මිලියන ගණනකට ඉහත පෘතුවිය නිර්මාණය වු සමයේ එය වුණු වු ගිණි බෝලයක්ව තිබ්ණි.එම අවධියේ දිර්ඝ කාලයක්ව පැවැති මහා වර්ෂා ඒමතට ඇද හැළුණු නිසා එය සිසිල් වි පහත් ස්ථාන පිරි මුහුදු ඇති විය. පෘතුවියේ උස් තැන්වල සිට මුහුදූ දක්වා මහා ජල ධාරා දගර ගැසෙමින් ගලා ගියේය.කල් ගත විමත් සමග මේ ජලය ගැලු මාර්ගවල ගැඹුරැ සහ පළල වැඩි ව් ගමන්මගෙහිද වෙනස්කමි සිදු විණ. දැන් බෝහෝ ගංඟා අරමිභ වන්නේ වනාන්තර සහිත කදුවලිනි.එම ප්‍රදේශවලට අනෙක් ප්‍රදේශවලට වඩා වැස්ස වැඩිය.මතුපිට වැසි ජලයත් වැඩි ජලය පොළොවට උරා ගැනිමෙන් ඇති වන උල්පත් වල ජලයත් එක්වි සැදෙනක කුඩා ජල ධාරා අතරමගදි තව තවත් ජලය ලබා ගෙන පිළිවෙලින් ඇළ දෙළ ඔය නදි ගංඟා සහ මහා ගංඟා බවට පත්වේ.

කදු මුදුන්වල රැදුණු හිම තටිටු උණු විට ඒ ජලයද එසේ ජල ධාරා සේ ගලා බැස ගංඟා තනයි.විශාල ග්ලැසියර්(Glaciers)හෙවත් හිම තටිටු කදුවල ඉහළ සිට පහළට රැටා එන විට ඒවා නිසා හැරෙන මාර්ග ගංඟා බවට පත්වේ.

මේ කවර මුලාශ්‍රයකින් ඇරඹුණත් ගඟක ආරමිභක ප්‍රදේශය පටුය.නොගැඹුරැය.ජලය ගලන්නේද සෙමිනි.එය ඉදිරියට ගලත්ම තවත් ජල ධාරා එක් වි ජලය වැඩි වෙයි.එසේම එහිදි ගමනද වේගවත් වේ.එහිදි පස හැරි සේදි යෑම නිසා එහි ගැඹුර සහ පළල වැඩි වේ.ගංඟාව මුහුදට ගලා බසින ස්ථානයට ළං වන්නට ගංඟාවක වේගය හා ගැඹුර අඩු වේ. එයට හේතුව ගං පකුලේ විශාල වශයෙන් පස් තැන්පත් වි ගංඟ ගොඩ වීමයි.ඇතැම් අවස්ථාවලදි ගංඟ ශාඛා කිහිපයකට බෙදි මුහුදට වැටෙයි.

ගංඟාවක අාරම්භය

ශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංඟා

මධ්‍යම ප්‍රදේශයේ උස් බිම් වලින් සමන්විත වීම සහ ඒ ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබීම යන දෙනරැන නිසා ලංකාවේ ගංඟා මධ්‍යම කදුකරයේ සිට රෝදයක නාඩියේ සිට ගරාධි විහිදෙන්නා සේ හැම දිශාවකටම විහිදි යයි.මධ්‍යම කදුකරය පර්වත සහිත වීම සහ එහි ශිඝ්‍ර බෑවුම් තිබීම නිසා මෙම ගංගා ඉහළ කොටස් වලදි තරමක් වේගයෙන් ගලා බසියි. තද වැසි සහිත කාලවල බෙහෙවින් ජලය ලබන මේවා ගල් පස් සෝදාගෙන විත් තම ගමන් මගද ගැඹුරද පුළුල් කර ගනී.

ශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංඟා අශ්‍රිත සිතියම

ප්‍රධාන ගංඟා සහිත සිතියම

ලංකාවේ ප්‍රධාන ගංඟා හා ඒවායේ ආසන්න දිග

ගංඟ ආසන්න දිග
කිලෝමීටර වලින්
මහවැලි 340
කැලණි ගංඟ 145
වලවේ ගංඟ 137
කළු ගංඟ 139

ප්‍රධාන ගංඟා පිළිබඳ කෙටි හැඳින්විමක්

මහවැලි ගංඟ

ශ්‍රි ලංකාවේ දිගම ගඟයි.රත්නපුර දිස්ත්‍රිකයේ සමනොළ කදු වැටියෙන්ආරම්භ වන මහවැලි ගඟ කිලෝමීටර340දිගින් යුක්තයි.වාර්ෂිකව මහවැලි ගගෙන් මුහුදට ඇදී යන ජලස්කන්ධය අක්කර අඩි 640000ක් පමණ වෙතැයි මතයක් පවතී.මහවැලි ගඟ ගිරිතලේ පරාක්‍රම සමුද්‍රය හා සොරබොර වැව ආදි පැරණි වැව් කිහිපයක් පෝෂණය කරනු ලබයි.පැරණි පොත්වල මහවැලි ගඟ හදුන්වන ලද්දේ මහ කනදරා නදිය සහ මහා ගංඟා යන නමිනි.

කැලණි ගඟ

ශ්‍රි ලංකාවේ පුජනීයත්වයක් ආරෝපණය වි ඇති ප්‍රධාන ගංගාවකි.සමනෙළ කදුවැටියෙන් ආරම්භ වී කොළඹ නගරයට උතුරින් පිහිටි කාක දිවයින අසලින් මුහුදට වැටෙයි.එහි ජල වහන ප්‍රාදේශය වර්ග කිලෝමීටර් 2690ක් වේ.වාර්ෂික ගඟට ලැබෙන ජලස්කන්ධය අක්කර අඩි 70190000ක් පමණ වන අතර එයින් මුහුදට යන්නේ 64% පමණි. මෙරට ජල විදුලිය නිපදවීම සදහා කළක සිටම බෙහෙවින් දායක වී ඇති ගංඟාව මෙයයි.නිතර නිතර ජල ගැලීම් වල‍ට ප්‍රසිද්ධ ගංඟාවකි.

කළු ගඟ

කළු ගඟ රත්තපුර දිස්ත්‍රිකයට අයත් සමනළ අඩවියේ ඉදිකටුපාන අසලින් ආරම්භ වී කළුතර දිස්ත්‍රික්ය හරහා මුහුදට ටැටෙයි.ජල වහන ප්‍රදේශයේ විශාලත්වය හා වාර්ශික ලබන ජලස්කන්ධය අතින් දෙවැනි වන්නේ මහවැලි ගඟට පමණි.කළු ගඟේ ජලවහන ප්‍රදේශයේ විශාලත්වය වර්ග කිලෝමීටර් 2690 ක් වේ.ගංගා ධාරයට වාර්ශිකව ලැබෙන වැසි ජල ප්‍රමාණය අක්කර අඩි 962500 කි.එය වාර්ශිකව මුහුට ගලා යන ජලස්කන්ධය අක්කර අඩි 616000 කි.කළු ගඟ දරැණු ජල ගැලීම් සම්බන්ධව නරක ප්‍රසිද්ධියක් උසුලයි.

වලවේ ගඟ

සමනළ අඩවියෙන් ආරම්භ වී ගලා විත් අම්බලන්තොටින් මුහුදට වැටෙයි.වලවේ ගඟ හරහා උඩවලව ජලාශය ඉදිකර ඇත. සමනොළ අඩවියෙන්ආරම්හ වී ගලා විත් අම්බලන්තොටින් මුදුදට වැටේ.ලංකාවේ ප්‍රධාන ගංඟා වලින් එකකි.දිග කිලෝමිටර් 137ක් පමණ වේ.වලවේ ගඟ හරහා උඩවලව ජලාශය ඉදි කර ඇත

බෙන්තරගඟ

දකුණු පළාත සහ බස්නාහිර පළාත වෙන් කෙරෙන සිමාව සේ සැළකෙන්නේ බෙන්කර ගඟයි.දිග කිලෝමිටර් 72 කි.මෙහි අවට ප්‍රදේශය සංචාරක ව්‍යාපාරය සදහා ඉතා දියුණු තත්ත්වයක පවතී.

අඔන් ගඟ

අඔන් ගග මහවැලි ගංගාවේ පහළ කොටසේදී එයට එක් වන ප්‍රධාන අතු ගංගාවයි.ආරම්භ වන්නේ නාලන්ද සහ මාතලේ කදු වලිනි.වේගයෙන් ගලන ගඟක් නොවේ.එහි ගමන් මග වංගු සහිතයි.මෙහි පහළ කොටසේ කුඩා වැලි දුපත් ඇත.

නිල්වලා ගඟ

සිංහරාජ කදු වැටියේ දකුණු පසින් පිහිටි ගොන්ගල කන්දෙන් ගලන ජල ධාරාවන්ගෙන් නිල්වලා ගඟ ආරම්භ වෙයි.දිග කිලෝමිටර් 81ක් වේ.නිල්වලා ගගේ ජලවහන ප්‍රදේශය වර්ග කිලෝමීටර් 960 ට අයත්ය.

ගිං ගඟ

රත්නපුර දිස්ත්‍රිකයේ මාතර දිස්ත්‍රිකයත් අතර මායිමේ පිහිටි මිටර් 1400 පමණ උසයි .ගොන්ගල නැමති කන්දෙන් ගිං ගඟ ආරම්භ වේ.ගමන් මගේ මුලු දුර ක්ලෝමිටර් 113 ක් පමණ වේ.

මැණික් ගග

ඌව පළාතේ කදු වැටිවල දකුණු බෑවුමෙන් ආරම්භ වි රැහුණු වනෝද්‍යානය හරහා ගොස් යාල නම් ස්ථානය හරහා මුහුදට වැටේ.දිග කිලෝම්ටර් 114 කි.මැණික් ගග අසබඩ පිහිටි කතරගම පුදබිම නිසා එය පුජනීයත්වයට පත් වී ඇත.අවුරැද්දේ වැඩි කාලයක් මැණික් ගඟ වතුර අඩුවෙන් ගලා බසියි.


Sunday, September 13th, 2009

අටමස්ථානය

Wikipedia වෙතින්

වෙත පනින්න: 

දෙවන පෑතිස් රජුගේ කාලයේ ශ්‍රී ලංකා‍‍වේ බූද්ධාගම පිහිටු වීමෙන් පසු මෙරට ‍බෞද්ධාගමික නගරය වුයේ අනුරාධපුරයයි. මෙනිසා එහි වු පුජනිය ස්ථානයන්ට වඩා විශේෂ ගෞරවයක් බෞද්ධ ජනතාව තූළ ඇති විය. දීප වංශය, මහා වංහය, සමන්තප්‍රාසාදීකාව, පුජාවලිය, සිංහල බෝධි වංහය, සද්ධාර්මාලංකාරය, සද්ධර්මරතනාවලය ඇතුළු පොත පතේහි මිහිදු හිමියන් විසින් නම් කළ ආගමික ස්ථාන අටක් පිළිබඳ සදහන් වේ. මේවා නිවැරදි අටමස්ථානයයි.

  1. තිස්සාරාමය
  2. භික්ෂුන් විනය කර්ම කරන කම්මාලකය
  3. ජන්තාඝර පොකුණ
  4. ශ්‍රී මහාබෝධීය (පිහිටන ස්ථානය)
  5. පෝය ගෙය (ලෝවමාපාය)
  6. සංඝයාට ලැබෙන දානය බෙදන ලහබත් ගෙය
  7. දාන ශාලාව
  8. රුවන්වැලි සෑය

//<![CDATA[
if (window.showTocToggle) { var tocShowText = "පෙන්වන්න"; var tocHideText = "සඟවන්න"; showTocToggle(); }
//]]>

තිස්සාරාමය

භික්ෂුන් විනය කර්ම කරන කම්මාලකය

ජන්තාඝර පොකුණ

ශ්‍රී මහාබෝධීන් වහන්සේ

මෙය පිහිටා තියෙන්නේ මිහිඳු හිමියන් වෙනුවෙන්දෙවන පෑ තිස් රජු මහාමෙව්නාවේ කර වු තිස්සාරාමයෙය. සංඝමිත්තා මෙහෙණිය විසින් මෙරට වැඩම කරන ලද්දේ බුදුන්ට ධර්මාවබෝධයට සෙවණ දුන් ඇසතු බෝ රුකේ දකුණු ශාඛාවයි. මෙය වප් මස පුරපසලොස්වක දිනයකදි මෙරටට ගෙන ආ බව මහා වංශයේ සදහන් වේ. බෝධීන් වහන්සේ අද තිබෙන තැනට වඩා පහත බිමක මුලින් රෝපණය කර ඇතත් ක්‍රමයෙන් බැමි බැදිමාදියෙන් උස් බිමක් දක්වා වර්ධනය වී ඇත.

මෑත කාලය..,

1907 සහ 1911 වැසි කුණාටුවකින් මෙහි ශාඛා ‍‍දෙකක් කඩා වැටිණී. 1929 උන්මත්‍තකයෙකු විසින් එක් ශාඛාවක් කපා දමන ලදි. 1985 කොටි ත්‍රස්තවාදීවන් විසින් මළුවේදි වෙඩි තබා සැදැවතියක් ඝාතනය කරන ලදි. 19 වන සියවසේදි උඩමළුවේ තිබු විශ්ණු දේවාලය ඉවත් කරන ලදි. මෙහි පළමු රන් වැට 1969 මහනුවර රාජසිංහ පුස්තකාලාධිපති යටි රාවන නාරද හිමියන්ගේ මුලික්වයෙන් මහනුවර ශ්‍රී බෝධී ආරක්ෂක රන් වැට සභාව කරවන ලදි. දෙවැනි රන් වැට රනිල් වික්‍රමසිංහ මහාතාගේ උපදෙස් පිට රන්වැට ආරක්ෂක කමිටුව මගින් 2003 කරවන ලදි.

පෝය ගෙය (ලෝවමාපාය)

Image :Lowamahapaya.jpg
ලෝවාමහාපාය හෙවත් හෙවත් ලෝහප්‍රාසාදය යනු මහා විහාරයේ පෝය ගෙයයි. දෙවන පෑතිස් රජු මෙතන භික්ෂුන් වහන්හසේට අඩමසකටවත් පැති මෝක්ෂය කියවිම සදහා පෝය ගෙයක් ඉදි කළ අතර දුටුගැමුණු රජු (ක්‍රි.පු 161-137) එය නව මහල් කරවා තඹ ලෝහ සෙවිළි කරවීය. මෙහි සැකැස්ම තව්තිසාවෙහි භරණි නම් දෙවඟනගේ ප්‍රාසාදයට සම විය. මෙහි යට මහලේ පෘතග්ජන භික්ෂුන්ද දෙවැනි මහලේ සිට නවවැනි මහල දක්වා රහතුන් වහන්සේලාද වැඩ සිට ඇත. වස් අවසාන කාලයේ භික්ෂුන් මෙතැනට රැස්වීමේ සිරිතක්ද පැවත ඇත. මෙය සද්ධාතිස්ස , දෙවැනි සිරිනාග , මහසෙන් , කිත්සිරිමෙවන් , මහා පැරකුම්බා ආදි රජවරැ පිළිසකර කර ඇත. මෙහි ගල්කණු 1600 ක් වේ. ලෝවාමහාපාය අසල ඇති වෙනත් ස්ථාන ලහවත්තේ, රංසිමාලකය, හා චතුශාලාව හෙවත් දාන ශාලාව පිහිටා ඇත.

ලහබත් ගෙය

දාන ශාලාව

රුවන්වැලි සෑය

දෙවන පෑතිස් රජතුමා රුවන් මළුව නම් බිමේ ශිලා ස්ථම්භයක තම මුණුබුරෙකු අනාගතයේදී මෙහි ස්ථුපයක් කරවන බව සදහන් කර ඇත. මෙය දැක දුටුගැමැණු රජු මෙහි මහාසෑය කර වූ බවත් පසුව ඵය රුවන්වැලිසෑය ලෙස ප්‍රසිද්ධ වී ඇත. මහා වංශයේ සදහන් වන ලෙස විශ්කම්භයෙන් අඩි 370 පමණ වූ ස්ථුපය ගිලා නොබැසීම සදහා රියන් සතක් ගැඹුරට අත්තිවාරම් කපා ගල් දමා ඇතුන් ලවා පාගවා සිනිදු මැටි යොදා , යකඩ දැල් දමා ශක්තිමත් කළ අයුරු සදහන් කර ඇත. ධාතු ගර්භය ගල් පුවරු හයකින් නිමවා ඇත. එහි රනින් කළ බෝරුකක් හා එහි සෙවණේ වැඩ සිටින බුදු පිළිමයක්ද ශක්‍ර , බ්‍රහ්ම , පංච , සිඛ , කාලනාග පිරිවරද තැබීය. බුද්ධ චරිතයේ බොහෝ කතා සිතුවමට නගා ඇත. මෙහි වැඩ දුටු ගැමුණු රජ සමයේ නිමා කළ නොහැකි වූයෙන් සද්ධාතිස්ස රජු සතරැස් කොටුවට ඉහලින් ජත්‍රයද ලංජිතිස්ස රජු ප්‍රේසාවේ ගල් ඇල්ල වීමද සිදු කළ අතර සතරැස් කොටුව, දෙවතා කොටුව සහ කොත් කැරැල්ල පස් වැනි සිය වසින් පසුව ඉදි කර ඇත. ධාතුසේන රජු මෙහිජත්‍රය පිළිසකර කර ඇත. රුවන්වැලි සෑය ආශ්‍රිත වෙනත් කැටයම් හත්ථිවේදය , ඇත් පවුර , පස් පිළිම ගෙය , සූර්ය සේවාලය , කුඩා දාගැබ , සිරි පතුල් ගල් , කඩොල් ඇතුගේ දළ , සළපතළ මළු‍වේ කවය , කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල ලිපිය , භාතියාභය රූපය හා දුටුගැමුණු රූපය , ගල් ටැඹ , ශිලාචේතිය , එළාර සොහොන යන ස්ථානද මේ අසලම පිහිටා ඇත.

ඉංග්‍රීසි රජයෙන් නම්කළ අටමස්ථාන

ඉංග්‍රීසින් ලංකාවේ පාලන බලය අත් කර ගැනීමෙන් පසුව බෞද්ධ වෙහෙර සතු ඉඩ කඩම් විශාල ප්‍රමානයක් රජය අයත් කර ගන්නා ලදි. 1856 ඉංග්‍රීසි රජයෙන් පත් කළ විහාර දේවාල කොමිසම මගින් නම් කළ පහත සදහන් පුජනිය ස්ථාන වර්තමාන අටමස්ථාන ලෙස ඔප්පුවක් මගින් 1872 අටමස්ථානාධිපති හිමිට භාර දෙන ලදි.

අටමස්ථාන

  1. ශ්‍රී මහාබෝධිය
  2. ලෝවාමහාපාය
  3. ථුපාරාමය
  4. මිරිසවැටිය
  5. රුවන්වැලිසෑය
  6. අභයගිරිය
  7. ලංකාරාමය
  8. ජේතවනය යි.

ලෝවාමහාපාය ,

Image :Lowamahapaya.jpg

Sunday, September 13th, 2009

දැනට අප අතර පවතින රෝස වර්ග

  • හයිබ්‍රිට් ටී රෝස -(Hybird Tea Roses)
  • ෆොලොරිබණ්ඩා රෝස-(Floribunda Roses)
  • කුරු රෝස -(Miniature Roses)
  • වැල් රෝස -Climbers and Rombiers)
  • පදුරු රෝස -(Shurb Roses)
  • හයිබ්‍රිටි ටී රෝස (Hybird Tea Roses)

මේවා ලෝකය පුරා ඉතාමත් ජනප්‍රිය රෝස වර්ගයක් ලෙස හැදින්වේ.පෙති රාශියක් ඇති මල් ද ,නොපිපෙන කේතු කාරයට පිපෙන මල් ද පවතී. ඊට අමතරව තනි මල් හා මල් කීපයකින් සැදුම් ලත් මල්ද දැකිය හැක.
මේ රෝස වර්ග ලෙසට

  1. ඇලෙක්ස්
  2. ඇලෆ-ෆයින් සන්සෙට්
  3. චිකාගෝ ෆිෂ්
  4. ගෝල්ඩ් ක්‍රවුන්
  5. පීස්
  6. පින්ක් ෆොචරීට්
  7. සිල්ව ජුබිලි යෙලෝ පේස්ඩ්
  8. හෙලන් ට්‍රොබෙල්
  9. පිකඩලී
  10. බ්ලු මූන්
  11. සර්ටන් හොලිඩේ
  12. නේෂන්ට්‍රස්ට්

ෆොලොරි බණ්ඩා (Floribunda Roses)

මේ වර්ගයේ රෝසමල් තරමක් කුඩාය.සුවදක් නොමැත.ඓහෙත් මෙහි ඇති විශේෂත්වය නමි වැඩි කාලයක් පර නොවී පැවතීමය.ඒ සමග මල් විශාල සංඛ්‍යාවක් එකවර පිපේ.මේ වර්ගයෙන් ශ්‍රී ලංකාවේ විවිධ දේශගුණයන්ට ඔරොත්තු දෙයි. එහි ප්‍රභේද කිහිපයකි.

  1. මයි ගර්ල්
  2. චැනලි
  3. ක්වීන් එළිසබෙත්
  4. හනිමුන්
  5. ඩියරස්ට්
  6. ටිකී
  7. සී පර්ලි
  8. බියුලි ඇබේ

ශ්‍රී ලංකාවේ දී පඳුරු වශයෙන් දැකිය හැක.උස අගල් 5-10 අතර වේ. නිරන්තර රෝගයන්ට ගොඳුරු වීම නිසා වගා කිරීම අපහසුය.තෙත පස හා ශීත දේශගුණය තුළ තරමක් දුරට හෝ වගා කිරිමට හැකිය.

වැල් රෝස (Climbers and Romblers)

මෙය මූලික වශයෙන් වර්ග දෙකකි.

  1. වැල් රෝස (උසට වැඩෙන)
  2. වැල් රෝස (උසට නොවැඩෙන)

එක් වර්ගයක් දිගුව වැඩේ.ඒ සමග වැලක ස්වරූපයක් ගනී.දෙවන වර්ගය පහලට කඩා වැටේ.මේ වර්ගය ශ්‍රි ලංකාවේ එතරම්ම ජනප්‍රිය නැත.සාමාන්‍ය ලෙස ගෙවතුවල වගා කෙරේ.වැල් රෝස වගා කිරීමේ දී විශාල ඉඩක් අවශ්‍යය වේ.ආරුක්කු මත හා පියස් මත සාර්ථක ලෙස වගා කිරීමට හැකිය.

  1. වැල් රෝස (උසට වැඩෙන)
  • අයිස් බර්ග්
  • ස්කූල් ගර්ල්
  • කැසිනෝ
  • ගෝල්ඩන් ෂවර්
  • වින්ක් පර්පැච්
  1. වැල් රෝස (උසට නොවැඩෙන)
  • ඩොරිති
  • පර්තින්
  • ක්‍රිම්සන් ෂවර්

පඳුරු රෝස (Shurb Roses)

මෙය ශ්‍රී ලංකාවට ආවේණික රෝසමල් වර්ගයකි.එතරම් ජනප්‍රිය නොවූවකි.වර්ෂයකට එක්වරක් පමනක් මල් පිපේ.මෙම වර්ගය “මූන්ලයිට් ෆවුන්ටන්” ලෙසට හැදින්වේ.

රෝස වගා කිරිමේ දි දැනගතයුතු මූලික කරුණු

රෝස වගා කිරිමේ දී මූලික වශයෙන් කරුණු රාශියක් දැනගත යුතුය.එසේ නොදැන වගා කිරීමට යාම මගින් වගාව අසාර්ථක වේ. රෝස ගස්වලට වැළඳෙන රෝග පොහාර යෙදීම ,පස සකස් කිරීම,කප්පාදු කිරීම පිළිවෙලට මනා අවබෝධයකින් යුතුව කළයුතුය.

පස් වර්ග හදුනා ගැනීම

  • වැලි පස යොදා ගැනීම

වැලි පස රෝස වගාවට යොදාගන්නේ නම් පැන නගින ප්‍රධාන ගැටලුව ජලය එහි රදා නොසිටිමයි.මේ නිසා පස වියලී යයි.ශාකවලට මෙම වර්ගය සුදුසු නැත.විශේෂයෙන්ම රෝස ශාකවලට මෙය නුසුදුසුය.ඊට හේතු වන්නේ රෝස පැළ සිටුවීමෙන් පසු පොහොර යෙදීම කළහොත් දින කිහිපයකින් පොළවට පොහොර ගිලා බසී.ජලය රැදී නොසිටීම නිසා ශාකය මැරී යයි.නැතිනම් වියළී යයි.මේ සදහා සුදුසු පරිදි පස සකස් කිරීම සදහා ගෙවත්තේ තෝරා ගත් බිම් අඩි 1 2/1 ක් පහළට හා අඩි 1ක් ගැඹුරට කපා පස ඉවත්කල යුතුය.ඉන්පසු ඇතුලට තණකොළ පිඩලි ,ඇටකටු පොහොර,කොළ පොහොර,වැලි 2:2:1 අනුපාතයට මිශ්‍ර කොට අගල් 6 සිටින සේ පළමුව මිශ්‍රණය යොදා ඉන් පසු පැළය සිටුවා පසුව වටේට ඉතිරි පස් මිශ්‍රකොට පුරවා දැමීම අවශ්‍යය. පසුව දිනකට දෙවරක් ජලය යෙදිම සුදුසුය.

  • මැටි ආශ්‍රිත පසේ රෝස වගා කිරීම

මැටි පසේ ප්‍රධාන ලක්ෂණය ජලය බැස නොයාමයි.ජලය රඳා පැවතීම සදහා පසෙහි වාතාශ්‍රය අඩුය.මේ නිසා වියළි කාල වලදී පස වියළී යන ස්වරූපයක් දකී.මැටි පසේ රෝස වගා කිරීමේ දී මුලින්ම අවශ්‍යය ප්‍රමාණයට පාත්ති සකස්කොට ගැනීමෙන් පසු පස පුළුස්සා ඉන් දින කීපයකට පසු පාත්ති මත හුණු කුඩු ඉසීම අවශ්‍යය වන්නේ පසේ ආම්ලිකතාවය අඩු කිරීමටය. ඉන්පසුව කොළ පොහොර ගොම සමග වැලි 2:2:1 මිශ්‍රණයට එක්කොට ,පැළ සිටුවා වැලි පසෙහි පොළව සකස් කල ආකාරයට සකස්කර ගැනීම වැදගත්ය. *ලොම් ආශ්‍රිත පසේ රෝස වගා කිරීම

ජලය හොදින් බැස නොයන දැඩි ලොම් පස ඉතාමත් සාරවත් පසකි.රෝස වගාවට එවැනි සාරවත් පසක් ද සුදුසු නොවේ.මේ නිසා රෝස වගාව සදහා ඒ පස සුදුසු ලෙස සකසා ගත යුතුය.මෙහිදී අඩි 02 ක් ගැඹුරට වළක් කපා ගැනීමෙන් පසු අඩි1 1/2 පමණ පළල් කොටසක පස් හොදින් බුරුල් කොට වියළාගත් ගොම කුඩු එකතුකොට ඉතිරි කොටසට කොළ පොහොර හා වැලි සමව මිශ්‍ර කළ යුතුය.ඉන්පසු රෝස පැළය සිටුවා ගන්න.

  • හුණු පස වගාව‍ට යොදා ගැනීම

හුණු පස රෝස වගාවට සුදුසු නොවේ.ඓහෙත් පස් ඒ තත්වයට පත්කළ හැක.මුලින්ම කපාගත් වැලි පස් ඉවත් කොට ඉන්පසු පොළව යටට තණ පිදලි අලවා පස් මිශ්‍රණය වැලි,ගොම , කොළ පස් 2:2:1 අනුපාතයට මිශ්‍රකොට ඉන්පසු පැළය සිටුවන්න. ජලය අවශ්‍යය ප්‍රමාණයට යෙසිය යුතුය.

  • ජලයය රඳා පවතින පසේ රෝස වගා කිරිම

කොතරම් හොදට පස සකස් කළත් පොහොර යෙදුව ද ,ජලය නිසි ලෙස බැස නොයන්නේ නම් සාර්ථක රෝස වගාවක් කළ නොහැකිය.එහි දී ජලය බැසයාම සදහා අවශ්‍යය ලෙසට කාණු හොදින් සකසා ගැනීමඅවශ්‍යය.නැතිනම් තණ පිඩලි යොදා සකස් කොට ගත යුතුය.

රෝස පැළ ලබා ගැනීම

රෝස වගාකර ගැනිමට අවශ්‍යය පළමු කාර්යය රෝස පැළ ලබා ගැනීමයි.මේසදහා ක්‍රම කීපයක්වෙයි.

  • අතු බැදිම (ගුටි ක්‍රමය)
  • කපා අතු සිටුවීම
  • බද්ධ කිරීම
  • හෝමෝන කිරීම
  • බීජ මගින් බෝකර ගැනිම

රෝස පැළ සිටුවීමේ දී සැළකිය යුතු කරුණු

ගෙවත්තේ රෝස වගා කිරීමේ දී සුදුසු පරිදි පාත්ති සකස් කොට පසුව රෝස ගස් සිටුවීමේ දී පරතරය පිළිබද සැළකිළිමත් විය යුතුය.මේ සදහා වර්ගීකරණය අනූවකළයුතුය.

හයිබ්‍රට් ට්‍රී රෝස සදහා ,පැළ දෙකක්අතරපරතරයඅඩි03වියයුතුය. කුරු රෝස මිටි නිසා රෝස ගස් දෙකක් අතර පරතරය අඩියක් විය යුතුය.

වැල් රෝස ඉතා මිටි බැවින් පරතරය අඩි 10 පමණ විය යුතුය.

උසට වැවෙන වැල් රෝස ශාකය ‍බොහෝ විට ඉතා උස බැවින් ගස් දෙකක් අතර පරතරය අඩි 06 පමණ විය යුතුය.

  • භාජන තුළ රෝස පැළ සිටුවීම

භාජන තුළ රෝස පැළ සිටුවිමේ දී භාජනය හා පස් මිශ්‍රණය වැදගත් වේ.මේ සදහා කුඩා ප්‍රමාණයේ භාජන යොදා ගැනිමට වඩා මඳක් විශාල භාජන යොදා ගැනීම වැදගත්ය. පළමුව අවශ්‍යය පස් මිශ්‍රණය සකසා ගත යුතුය.සිටුවීමෙන් පසු දින 10ක් පමණ යනතෙක් සෙවණ ලැබෙන සේ තැබීම වැදගත්ය.ඒ කාලය තුළ සුළු ප්‍රමාණයක් ජලය ලබා දිය යුතුය.පැළවී ඇති පැළයක් නම් අනෙකුත් පැල සමග එකට නොතිබීම ද වැදගත්ය. අලුත් පැළයක් සිටුවීමේ දී බැක්ටීරියා නාශකයක් සුළුවශයෙන් යෙදීම වැදගත්වේ. *අතුමගින් බෝ කිරීම මේ සදහා වඩාත් සුදුසු වන්නේ පහසුවෙන් වගාකළ හැකි රෝස වර්ගයන්ය.මෙහිදී අතු මගින් බෝ කිරීම ඉතාමත් පහසු ක්‍රමයයි.ඒ සදහා ගසේ මැදින් අඟල් 9 කට කපාගත් කැබැල්ල ජලය සහිත බඳුනක තබා පසුව අඟල් 8 ක පරතරයක් සිටින සේ සිටුවා ගත යුතුය. මෙහිදී කිනිති කැබලිවලට අවශ්‍යය උත්තේජනය ලබාදීම සදහා හෝමෝනයන් යොදා ගැනීම වැදගත්ය. අඩුම වශයෙන් සති 2-1 අතර කාලයකදි මුල් ඇදිම සිදු වේ.පසුව අලුත් ශාකය වෙනත් භාජනයක සිටුවාගත හැකිය.

රෝස බද්ධ කිරීම

රෝස බද්ධ කිරිමේ ක්‍රමයන් අතරින් ප්‍රධාන වන්නේ යටිකුරු මී බද්ධයයි. මෙය ඉතාමත් සියුම් ලෙසට කළ යුතු ක්‍රියාවකි.මේ සදහා මුලින්ම කැලෑ රෝස අංකුරයක් එහි යටිකුරු ටී කැපුම යොදා ගන්න.මල් පිපුණු රෝස අත්තක අංකුරයක් ලබාගෙන එය තබා ඉහළ සිට පහළට පොලිතීන් වලින් වෙලන්න.ඉන්පසු සෙවණ සහිත ස්ථානයක තබන්න. සති හතරකට පසු පැලුම බුරුල් කොට නැවත වෙලන්න.

රෝස කප්පාදුව

රෝස ගස් කප්පාදුව සදහා හොදම කාලය අප්‍රේල් මාසයයි.කප්පාදු කිරීම සදහා දැඩි කප්පාදු යොදන්නේ නම් .පොළවේ සිට අඟල් 05 ක් ඉහළින් ඇති සියලුම අතු කපා දමන්න. එහිදී අංකුර එන ස්ථාන ඉතිරි කරගන්න.කැපූ කිනිති කුණුවීම වැළැක්වීම සදහා දිලීර නාශකයක් කැපූ ස්ථානවල ආලේප කරන්න.

  • සරල කප්පාදුව

මෙම ක්‍රමය හයිබ්‍රිට් ටී රෝස වලටත් ,ෆොලොරිබණ්ඩා රෝස වලටත් යෝග්‍යය.මෙහිදී පොළව ආසන්නයේ ඇති කිනිති කැපීම අවශ්‍යය.විශේෂයෙන් මල් පිපී අවසන් වූ පැරණි අතු කැපීම කළ යුතුය.කැපිමේ දී ඉති හැඩයකට කපා දැමීම වැදගත්ය. මේ සියලු කප්පාදු කිරීම් වලදී ආතති කැපුම් සුදුසුය.කප්පාදු කිරීම් වලදී මේ සදහා “සෙකට්‍රියල්” කතුරක් යොදා ගැනීම වඩාත් සුදුසුය.එමෙන්ම මුල් ශාකයේ කිනිති ඇති අංකුරය ආසන්නයේම නව අංකුරය බාලවේ. සමහරවිට නොවැඩී යයි.කප්පාදු කිරීමෙන් සතියකට පසු රෝස ගසේ මුල පස් ඉවත් කොට වියළී ගිය පැරණි මුල් කප්පාදු කොට දිලීර නාශකයක් ඉසීම වැදගත්ය. ඉන්පසු පස බුරුල් කොට පොහොර විශෙ‍‍්ෂයෙන් යෙදීම අවශ්‍යය.

පොහොර යෙදීම

ගස් කප්පාදු කිරීමෙන් පසු ඇමෝනියම් සල්‍‍ෆේට්,සුපර් සල්ෆේට් ,පොටෑෂ් මිශ්‍රණයක් ගසේ මුලට යොදන්න.මේ මිශ්‍රණය මුලින්ම 5:3:1 අනුපාතයටද ,මසකට පසු 4:2:1 අනුපාතයටද පොහොර මිශ්‍රණය යොදන්න.මීට අමතරව මල් ලබා ගැනීම සදහා හෝමෝන සහිත රසායනික පොහොර යෙදීමට අමතරව පොටෑසියම් වැඩිපුර අඩංගු පොහොර යෙදීමෙන්ද මල් හට ගනී.

රෝග හා පළිබෝධ

රෝස ගසට වැළදෙන ප්‍රධාන රෝග අතරින් කළුපුල්ලි රෝගය වැදගත්ය. පත්‍ර කහ පාටවිම ,කළු පුල්ලි ඇතිවීම ,රෝග ලක්ෂණයි.වර්ෂාව සමග රෝග බහුලව පැතිරි යයි. ක්‍ෂණිකව දිලීර නාශකයක් යෙදීම අවශ්‍යය.මේ සදහා ප්‍රොපීනොබ් ,අඩංගු දලීර නාශකයක් හෝ බීනොවිල් අඩංගු නාශකයක් යෙදීමෙන් එය පාලනය වේ.

  • පසු මැරීම—- ගසේ කඳ මැරීමේ රෝගය ලෙසට හැදින්විය හැක.මුල සිට ඉහලට කළුපැහැ ගැන්වෙන තෙතමනය අධිකවිම නිසා සිදුවේ.මලෙස කළුපැහැ ගැන්වු අතු කපා ඉවත් කිරීම කළයුතුය.
  • සුදු පුස් රෝගය—ළපටි පත්‍ර අතු හා පිපීගෙන එන පොහොට්ටුවල කළු පුල්ලි සළකුණු දැකිය හැකිය.පසුව ක්‍රමයෙන් මෙය කහ පැහැයට හැරේ.මෙය රෝස වගාවට බහුලව වැළදෙන රෝගයකි.වාතයේ ජල වාෂ්ප වැඩි කාලයට අධික සුළං ඇති කාලයට මෙය අධික ලෙස පැතිරී යයි.මේ සදහා බිනොමල් අඩංගු රසායනයක් යෙදීමෙන් මර්දනය කලහැකි වේ.
  • කූඹින්ගෙන් වන හානිය—කූඹින්ගෙන් ද රෝස වගාවට හාන් පැමිණේ. කොළවල යුෂ උරා බොයි.ගස් ඉතා ඉක්මනින් විනාශ වේ.මේ සදහා ගසට උරා ගන්නා පළිබෝධයක් ඉසීම මගින් මර්දනය කල හැකි වේ.
  • පිටි මකුණා—මෙම කෘමියා පත්‍රවල යටි පැත්තේ යුෂ උරා බොයි. සුදු පැහැති පවුඩර් විශේෂයක් ලෙස පෙනේ. පළිබෝධයක් යෙදීම මගින් පාලනය කළ හැකිය.
  • කොරපොතු කෘමියා—මේ කෘමියා පරණ අතු මත හා මුල් මත ජීවත් වේ.මේ සදහා සාමාන්‍යය පළිබෝධ නාශකයක් යෙදීමෙන් මර්දනය කල හැකි වේ.
  • කඳ විදින පණුවා—-ළපටි කඳ සිදුරු කොට ජීවත් වේ.මර්දනය සදහා ගස් ගලවා පුළුස්සා දැමිය යුතුය.

මීට අමතරව කුරුමිණියන් ,කුඩා පණු විශේෂ ,දළඹුවන් ,යුෂ උරාබොන කෘමීන්,මයිටයින් මර්දනය සදහා කෘමිනාශක යොදා පාලනය කල හැකිය.

පිංතූර ගැලරිය

Miniature Roses( කුරු රෝස)

Shurb Roses(පඳුරු රෝස)

Climbers and Romblers Roses (වැල් රෝස)

සිංහරාජයේ ඉතිහාසය

Saturday, September 12th, 2009

sinharaja-1සිංහරාජයේ හරය සොයා බැලීමට පෙර අපේ සම්ප්‍රදාය විසින් අපට උගන්වා ඇති පරිදි මුලින්ම සිංහරාජයේ ඉතිහාසය සොයා බැලිය යුතුය.ඉතිහාසය වහකදුරු සේ සළකා ඉවත දැමීමට තරම් සිති පිත් නැත්තන්ට පවා කෙතරම් අමිහිරි උවද ලජ්ජා සහගත උවද ඉතිහාසයක් ඇති බව වටහා ගැනීමට එයත් රැකුලක් වේ නම් එයම සිංයරාජ ඉතිහාසය දැක්වීමට ගන්නා උත්සහය මල් පල ගැන්වීමක් වනු නියතය. සිංහරාජයේ ඉතිහාසය පටන් ගන්නේ කවදාද කෙසෙ‍්ද යනු කිසිවෙකුටත්කිව නොහැකි තරම්ය.එහෙත් සියලු විද්වතුන්ගේ ඒකමතික තිරණයක් වන්නේ ලොව බිහිවුයේ කවදා සිටද එදා සි‍ට මිහිපිට පවතින බවයි.එනම් වර්ෂ මිලියන ගනන් ඉපැරණි ඉතිහාසයක් ඊට‍ ඇත.අබට සිංහරාජය මහත් අභිමානයක් වී ඇත්තේ ද අන් බොහෝ දෙනාට නැති දීර්ඝ ඉතිහාසයක උරුමක්කාරයන් වශයෙන් ඉතිහාසයේ අගය දන්නා නිසාය. මේ දීර්ඝ ඉතිහාසය තුල සත්තව හා ශාක පරිනාමයෙහි ආරම්භක අවධීවල ඉතිහාස කථාව සැගවී ඇතැයි සනාථ කීරිමට සිංහරාජය පිළිබද පර්යේෂණ කිරීන විද්‍යාඥයින් විසින් සාදක සොයා ගනිමින් ඇත. එසේ සොයා ගනු ලබන දීර්ඝ කාළීන ඉතිහාස කථාව අනාවරනය කිරීමට පටන් ගත් කාළයේ සිට කතාන්තරය විමසා බලන අපට සිංහරාජය ගැන නුතනයේ ඇති වී ඇති උනන්දුව හා සැලකිල්ල ඊට යොමු වුයේ කවදා සිට කෙසේද යනු අවබෝධ කොට ගත හැකි වනු ඇත.2

මෙරට ඉතිහාසයේ ආදිම යුගයේ සිට ලිඛිත සාධක අධ්‍යයන කල්හි සිංහරාජ ගැන කියවෙන තැන් නොමැති තරම් ය.එහෙත් ජනතාව එවැන්නක් පිළිබද නොදැන සිටි බවක් ඉන් අදහස් නොකෙරේ .සිංහරාජය යන නම ඊට උරුම වීම පිළිබද ඇති ජන ප්‍රවාද වුවද ඒ පිළිබද ජනතාවsinharaja2 සතු ව තිබු අවබෝධය පිළිබිඹු කරනු ඇත.1873 තරම් ඈත කාලයක සිංහරාජ වනාන්තරයේ වැවිලි කර්මාන්තයට ඇති ඉඩකඩ සොයා බැලීමට ගිය “ජෙම්ස්ගන්” නැමැති ඉංග්‍රීසි ජාතිකයා ජනතාවගෙන් අසා දැනගත් ප්‍රවාදයක් ලෙස දක්වා ඇත්තේ එක්තරා රජ කුමරියක මෙම වනාන්තරයේ ජීවත් වු සිංහරාජයෙකු හා පෙම් බැදීමෙන් ජාතියේ ආරම්භයත් මෙහි දී සිදු වු බවකි. මෙය හුදෙක් විජය පරපුරේ ආරම්භය පිළීබද කතා පුවත යලි පණ ගැන්වීමක් පමණි.එහෙත් එහි වැදගත් කම වන්නේ අදාල ප්‍රවෘත්තියට සම්බන්ධ සිංහ රාජයෙකුගේ රාජධානියක් වීමට තරම් මහානුභාව 4සම්පන්න තැනක් ලෙස සිංහරාජය ඔවුන් දැන සිටි බවයි.දෙවැනි ප්‍රවාදය ජේ.ඒ. විලී පෙරේරා නැමැත්තෙකු විසින් 1943 පමණ දී ජනතාවගෙන් අසා දැන ගෙන “ලොරිස්” නම් සගරාවට ලියන ලද ලිපියකින් ප්‍රචලිත වුවකි. එම ප්‍රවාදය අනුව මෙම වනාන්තරයේ මහා තෙදබල ඇති සිංහරාජයෙකු විසීය.ඌගේ ගුහාව පැවතියේ අදත් සිංහගල නමින් හදුන්වන පර්වතය මුදුනේය.මිනිසුන්ට කෙතරම් බිය ගෙන දෙන සුළු වුවාදයත් ඌගේ තෙද බල පරාක්‍රමය ගැන දත් මිනිස්සු වනාන්තරය ඇතුලට නොගියහ.එහෙත් යම් කිසි අවස්ථාවක මිනිසුන්ගේ රැකවරණයට පැමිණි යෝධයෙකු විසින් ගල් ගසා සිංහයා මරා දමන ලදී.එදා යෝධයා විසින් සිංහයා මැරීමට ගල් ගැසු ස්ථානය අදත් “යෝධ ගල්ගොඩ”නමින් හැදින්වේ.මෙම කථා පුවත් දෙකටම සිංහයෙකු මුල් වී ඇත. පසු කාලීනව ආචාර්යය පී.ඊ.පී. දැරණීයගල ශූරීන් විසින් කරන ලද ප්‍රාග්ඓතිහාසික ගවේෂණවලින් ආදි කාලයෙහි මෙය සිංහයන්ගේ වාස භුමියක් වී තිබුණ බවට මත පල කොට තිබීමෙන් නමේ ප්‍රභවය ගැන මෙන්ම මහා හිමය පිළිබද ජනතාව තුළ තිබු දැනුම ගැන ද අපට සිතා ගත හැකි වනු ඇත.සිංහරාජය පිළිබද ඉතිහාසය විමසීමේ දී අපට හමුවන ප්‍රථම සටහන ඇත්තේ දහහතරවැනි සියවසට අයත් ඉබන් බතූතාගේ ගමන් විස්තරයේය.
01) සිංහරාජයේ වන සිවුපාවන් හා ස්වභාවික සුන්දරත්වය —>5
ඊට අයිදැයි අප විසින් සැක දුරු කර ගත යුතුය. හෙළයේ අතීත පාළකයන්ගේ සිට පොදු ජනතාව දක්වා සියලු දෙනා ස්වභාවධර්මයාගේ දායාදයන් කෙතරම් ආදරයෙන් ඇල්මෙන් රැක බලා ගත්තාදැයි කිවහොත් සමහර වනාන්තර ගහ කොළ තහනම් දෑ බවට රජු විසින්ම ප්‍රකාශයට පත් කොට තිබුණු බවට ඉතිහාසයේ එයි.ඒ, ඒවායේ ආරක්ෂාව සදහාමය.1959 පළ කළ ” ලංකා ඉතිහාසය’නම් කෘතියේ සදහන් මෙම පාඨය කදිම සාක්ෂියකි.”පසුගිය වසර දෙදහසක කාළයක් තුළ වන දිවිය ආරක්ෂා කිරීමෙහි ලා අද්වීතිය ඉතිහාසයක් ලංකාවට ඇත. ක්‍රිස්තුපුර්ව තුන්වැනි සියවසයේ සිට ක්‍රි.ව.18වන සියවස දක්වාම සිහසුන අරාගත් බෞද්ධ වු පාලකයින් වනසතුන් පක්ෂීන් හා මත්ස්‍යයින් ආරක්ෂා කිරීම සිය ආගමික හා රාජකීයමය වගකීම ඉටුකිරීමක් ලෙස සැලකූ බව වංස කථා සය සෙල්ලිපි ගණනාවකම වාර්තා කොට ඇත.දොලොස්වන සියවසේදී අනුරාධපුර අවට ප්‍රදේශ හා සුවිශාල වැව් ද අභය භුමි ලෙස නම් කෙරෙණි.මේ වන දිවි සුරැකීමේ තැන කෙතරම් කාර්යක්ෂම හා යථාර්ථවාදී වුයේ ද යත් යුරෝපීයන්ගේ පැමිණිම දක්වා ම සිරිලක වන හා සත්ත්ව සම්පත විනාශයට ලක් නොවීය “(History of Ceylon,p 27)මේ අනුව ආරක්ෂිත වනාන්තරය අභය භූමිය ආදියේ කිසිදු මිනිස් ක්‍රියාකාරකම් නොසිදු වු බැවින් ඉතිහාසයේ කිසිවක් සදහන් කිරීමේ අවශ්‍යතාවක් පැන නොනැගුණ බව පෙනී යා යුතුය .සිංහරාජයද එවැන්නක් නොවී යයි කාට කිව හැකිද?

මගේ ගැන පුංචි වදනක්

Friday, July 24th, 2009

ම‍‍‍‍ගේ නම නුවන් තරංග.මට සහෝදරයන් එක් කෙනෙකු සහ සහෝදරියන් තිදෙනෙක් සිටී.මගේ වයස අවුරෑදු 18යි.මගේ උපන් දිනය 1991.11.02 මම ඉගෙන ගන්නේ බටුවංගල නවෝද්‍යා විද්‍යාලයේ 13 කලා අංශයේය.මම විශයන් ලෙස හදාරන්නේ සිංහල ‚දේශපාලන  විද්‍යාව ‚බෞද්ධ ශිෂ්ඨාචාරය යන විශයන්ය
මගේ කැමතිම විශය සිංහලයි මම ඊට අමතරව පරිඝණක අංශය හදාරනවා  මම විනෝදාංශ ලෙස කරන්නේ අමතර පොත් කියවීම  සහ පත්තර බැලීම ආදියයි .මගේ අනාගත බලාපොරොත්තූව පොලිස් නිලධාරියෙක් වීම සහ ‍රටට වැඩදායී හොද පුරවැසියෙක් වීමයි. මගේ ගම මාදුගැටයි එය මනා සුන්දරත්වයකින් යුත් පරිසරයකින් නිම වීඇත.මෙම පුංචිගමිමිනය අසලින් ගිං ගග ගලා යන අතර මෙමගින් එහි ජනතාවට වාසි රාශියක් ඇත.තවද මෙම ගමිමානය සුන්දර වන තවත් කරැනක් වන්නේ මෙම ගමිමානය සිංහරාජ වනාන්තරය ආසන්නයේපිහිටා තිබීමයි.